Thursday, 10 December 2020

බලය සහ යුත්තිය






    පූජනීය ගෞරවණිය හසලක සීලවිමල අපේ ස්වාමින් වහන්සේ විසින් මා වෙත එවා තිබූ තප්පර 185 ක ධර්ම දේශනාව ශ්‍රවණය කළෙමි. පැයක් දෙකක් බණ අසනාවාට වඩා මෙවැනි කෙටි කාලයක් තුළ ලබාදෙන දහම් පණිවිඩය ඉතාමතා ඵලදායක නොවන්නේද යන්න මෙහිදී මට සිත්විය. එම දහම් පණිවිඩයෙන් මා ලබාගත්දෙය මෙලෙස සටහන් කර තබමි. කාව්‍ය සංග්‍රහයට පාදක වස්තු බීජය ගෞරවණිය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ සතුවේ. මෙම ධහම් පණිවිඩය ඉහත වීඩියෝව මගින් ශ්‍රවණය කළ හැක.

     අතීතයේ සැක දුරලන, අනාගතේ බය දුරලන, සුරාබදුන පුරවනු මැන, මගේ සොදුරු රුසිරංගන. යනුවෙන් අතීතය සහ අනාගතය ගැන ලොක ප්‍රසිද්ධ ඔමර් කයියාම්, තම රුබෙයියාට් කාව්‍ය සංගහ්‍රෙයෙන් සමාජගතකර ඇති පිරිහීමේ පෙර නිමිති වලට වඩා මෙම දහම් පණිවිඩය සමාජගත කිරීම කෙතරම් විශිෂ්ඨ කාර්යයක් වන්නේද, ඒ නිසාවෙන්ම මෙම දහම් පණිවිඩය සමාජ ගත කිරීමට මා පෙළඹවු ගෞරවණිය හසලක ශීල විමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය පතන අතර මගේ නමස්කාර පූර්වක ස්තුතිය පුදකරමි. තෙරුවන් සරණයි සියළු දෙනාට. ආයුබෝවන් නැවත හමුවෙමු