ශ්‍රි ලංකාවේ වෙද
මහතෙක් (දේවාලයක කපු මහත්තයෙක්) කොරෝනා වලට බෙහෙතක් සොයාගනී. මොහු පසුගිය දිනක තමා
විසින් සොයාගනු ලැබූ බෙහෙත හෙවත් පැණිය ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට පූජා
කිරීම සඳහා අනුරාධපුරයට යයි. මෙහිදී ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ භාර ගරු
ස්වාමින් වහන්සේ විසින් වෙදමහතාට යාමට ඉඩදී ඇත්තේ දෙවන මළුව දක්වා පමණි. මෙයින්
කුපිත වූ වෙද මහතා නැවතත් ආරාමයට පැමිණ ගරු ස්වාමින් වහන්සේට පරුෂ වචනයෙන් කථා කරයි.
මෙම වීඩියෝව අන්තර්ජාලයේ සැරසරමින් පවතී. https://www.youtube.com/watch?v=qs-RT-rnZYg&feature=youtu.beමොහු මෙහිදී පවසන ලද්දේ තමා කාලි බවත්
ගරුස්වාමින් වහන්සේගේ අම්මාද කාලි බවත්ය.
මෙම සටහන පැණිය ගැන නොවේ. බුදුදහමට වෙද උත්තමයා ගැනය. මොහු ගැන ඇත්තටම ඇති වන්නේ කණගාටුවකි. මොහු බුදු දහම ගැන අබමල් රේණුවක්වත් නොදන්නා පුද්ගලයෙකි. අපේ ගරු ස්වාමින් වහන්සේලාට තමන් වදාපු අම්මා හැර වෙනත් අම්මලා නැත. උන්වහන්සේලාගේ මව් පියන් වන්නේත් සබ්බ සකලමනා ධනය වන්නේත් (විය යුත්තේත්) උත්තරීතර බුද්ධ ධර්මයයි.
බුදුදහම හේතුඵල වාදී දහමකි. මෙම ධර්මයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ජීවත් වනවානම් කොවිඩි පැතිරීම අවම කිරීමට වෙනත් කිසිදු පැණියක් අවශ්‍ය නැත. කර්මාණ්ත ශාලාවල කොවිඩ් ආසාධිතයින් මතු වෙද්දී තමන්ට සිදුවන පාඩුව ගැන සිතා නිසි පියවර නොගෙන කටයුතු කිරීමෙන් කොවිඩ් දෙවන රැල්ල ලංකාවේ ඇති විය. මිනිසුන් බොහෝ විට තම අනවශ්‍ය සංචරණයන් සීමා නොකරන්නේ තන්හාව නිසාය. එක්තරා විහාරස්ථානයක පැවති පිංකමකට සහභාගි වූ ජනයා අතර කොවිඩ් පැතිර ගිය කථාවක්ද ප්‍රචලිත විය. මේ සියල්ල සිදුවන්නේ ද්වේශය කෙසේ වෙතත් ලෝභය සහ මෝහය නිසාය.බුදු දහම ලෝභ ද්වේශ මෝහ පිටු දැකපු දහමකි. දහමට පිටුපා කටයුතු කිරීම කොවිඩ් පැතිරීමට කොතෙක් දුරට හේතුවී ඇත්තේද යන කාරණාව ගැන තව දුරටත් සිතා බැලීම ඔබට භාර කරමි
මෙම කාරණා සම්බන්ධව සටහන් කරුගේ චිත්ත සන්තානයේ ඇති වූ සිතුවිලි තවත් කවි කඩුවක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි. මෙයද කඩු ගිලිනවා වැනි වැඩකි.

No comments:
Post a Comment